ලොව පුරා කොරෝනා ආසාදිතයන් හාරකෝටි පනස් ලක්ෂය ඉක්මවයි - ඇමරිකාවෙන් දෛනික රෝගීන් 86,000 ක්

Friday, 30 October 2020 - 9:15

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+86%2C000+%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා කොරෝනා ආසාදිතයන් හාරකෝටි පනස් තුන් ලක්ෂ 12,762 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වන්නේ 11 ලක්ෂ 85,733 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ ලොව පුරා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.

එය දිනක් තුළ සටහන් වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්වන්නේ.

එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුළ ආසාදිතයන් වාර්තාවීම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, යුරෝපීය කලාපය තුළ සහ ලතින් ඇමරිකානු රටවලින් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

ගතවූ පැය විසි හතරේ ඇමරිකාවේ ආසාදිතයන් 91,330 දෙනෙකු වාර්තාවනවා.