ඊයේ වැඩිම ආසාදිතයන් පිරිස මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන්

Friday, 30 October 2020 - 11:41

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
කොරෝනා ආසාදිතයන් බවට ඊයේ තහවුරු වූ පුද්ගලයින් 586 දෙනාගෙන් වැඩිම පිරිස මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් බවට හෙළිවී තිබෙනවා.

එම සංඛ්‍යාව 58 ක් වන අතර, කොටහේන - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සහ යාපනය - විඩත්තපලෙයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 37 බැගින් වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම මට්ටක්කුලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද ඊයේ දිනයේදී ආසාදිතයන් 32නෙකු සොයාගැනුනා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 586 දෙනෙකු අලුතින් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9,791 ක් දක්වා ඉහළ ගියා.

මෙම 586 දෙනාගෙන් 467 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් වන අතර, තවත් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 6000සේ සීමාව ඉක්මවා ගොස් 6,313 ක් ලෙස ඉහළ ගියා.

ඊයේ දිනයේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයෙකු  වාර්තා වීමත් සමඟ මෙම කොරෝනා පොකුරු දෙක මේ වන විට දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 24ක් පුරා ව්‍යාප්තව පවතින බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව 5,630 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 4,142 ක්.

කොරෝනා වෛරසය වැළදී සුව වූ පසුව ද පෙනහළුවලට දීර්ඝ කාලීනව බලපෑ හැකි අතුරු ආබාධ ඇති විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර ප්‍රකාශ කළා.