ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 98 ක් අත්අඩංගුවට

Friday, 30 October 2020 - 11:41

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+98+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගතවූ පැය 24 තුළ බස්නාහිර පලාතේ කළ වැටලීම්වලින් පුද්ගලයින් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 42 කු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.  

එමෙන්ම පෑලියගොඩ පොලිස් වසමේදී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 500 ක් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකුද ඊයේ අත්අඩංගුවට ගැනුනා.