හික්කඩුවෙන් හමුවූ ආයුධ රත්ගම විදුරගේ බව හෙලිවේ

Friday, 30 October 2020 - 12:46

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A
හික්කඩුව - හෙට්ටිගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී හමුවූ අවි ආයුධ සහ පතොරම් රත්ගම විදුර නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට අයත් ඒවා බවට අනාවරණ වී තිබෙනවා.

අවිආයුධ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ඊයේ ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී ටී පනස් හය වර්ගයේ ගිනි අවියක්, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී 56 ගිනි අවි සඳහා යොදන පතොරම් 993 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු 42 හැවිරිදි වවුලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.