දේශපාලන පළිගැනීම් කොමිසම හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ දුරකථන වාර්තාවක් ඉල්ලයි (වීඩියෝ)

Friday, 30 October 2020 - 13:12

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ නිල දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එහි පොලිස් ඒකකයට ඊයේ නියෝග කළා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මක දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ
වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු ඒ ආසන්නයේ පිහිටි පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ
සේවයේ නියුතු වීම හේතුවෙන්.

ඒ අනුව පාස්කු කොමිසමේද වැඩකටයුතු අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.