පොම්පියෝගේ පැමිණීම සහ MCC ගිවිසුම අතර කිසිදු සම්බන්ධයක් නෑ (වීඩියෝ)

Friday, 30 October 2020 - 13:29

%E0%B6%B4%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+MCC+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට පැමිණීමත් MCC ගිවිසුමත් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණියේ නිකමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව සැඟවී කිසිවක් සිදුනොකරන බව ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත විසින්.

කැමරා ඉදිරියේ ගිවිසුම් අත්සන් නොකරන බව පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ඉදිරියේදී එම ගිවිසුම අත්සන් කෙරෙන බවයි.

මීට පෙර පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන් මයික් පොම්පියෝ නියෝග නොදුන්නේ වත්මන් ආණ්ඩුවේ කොන්ද පණ ඇති නිසා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුව බොරුවෙන් ජනතාව මුලා කිරීම සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ බන්දුලාල් බණ්ඩාරිගොඩ ප්‍රකාශ කළා.