තවත් කසළ බහලුම් 20ක් යළි නැව් ගත කරයි

Friday, 30 October 2020 - 16:05

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%83%E0%B7%85+%E0%B6%B6%E0%B7%84%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ කසළ බහලුම් 20ක් හෙට (31) යළි නැව් ගත කෙරෙනවා.

2017 වසරේදී එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට කසළ බහලුම් 242ක් ගෙන්වා තිබූ අතර, එවැනි කසල බහාලුම් 21ක් යළි එරටට යැවීමටයි රේගු දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කරනු ලැබුවේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය මෙම සියළු බහාලුම් යළි එංගලන්තය වෙත යවන ලෙස නියෝග කළා.

ඒ අනුව හෙට (31) දිනයේ තවත් බහාලුම් 20ක් එංගලන්තයට යැවීමට කටයුතු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න සඳහන් කළේ.