කුරුණෑගල - විල්ගොඩ ප්‍රදේශයට සහ පූඩළුඔය ප්‍රදේශයට සංචරණ සීමා පැනවෙයි (වීඩියෝ)

Friday, 30 October 2020 - 16:31

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+-+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%96%E0%B6%A9%E0%B7%85%E0%B7%94%E0%B6%94%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට අයත් සීමාව තුළ කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

විල්ගොඩ, විල්ගොඩවත්ත, උඩවල්පොළ, ඉඳුල්ගොඩකන්ද යන ප්‍රදේශවලින් මෙම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති බවයි කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් අද (31) දහවල් සිට විල්ගොඩ ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.  

මේ අතර, තලවකැළේ - පූඩළුඔය, වටගොඩ සහ කොත්මලේ යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමඟ පූඩළුඔය නගරයට පුද්ගලයින්ට පැමිණීම සීමා කර තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ පූඩළුඔය නගරයේ වෙළඳසැල් කිහිපයක් ද වසා දමා ඇති බවයි.

මීට අමතරව පූඩළුඔය නගරය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට ද අද (31) දහවල් කටයුතු කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories