හැටන් හිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා

Friday, 30 October 2020 - 17:44

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමඟ නිරෝධායනයට ලක් කර ඇති හැටන් - අලුත්ගම ප්‍රදේශයේ නිවාස කිහිපයක් අසළ  ප්‍රධාන මාර්ගයේ අනවසර වෙළදාමක් ඉවත් කිරීමට ගිය හැටන් - දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එස්. මැදවලට එම නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු බාධා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ  නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එළවළු අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත එය ඉවත් කිරිමට ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙලෙස තමාට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ බවයි.