මෙක්සිකෝවේ සමූහ මිනී වළක මළ සිරුරු 59ක්

Friday, 30 October 2020 - 20:05

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B7%85%E0%B6%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+59%E0%B6%9A%E0%B7%8A
මෙක්සිකෝවේ ගුවානාජුවාවෝ ප්‍රාන්තයෙන් සමූහ මිනිවලක් හමුවී තිබෙනවා.

එහි මෘත ශරීර 59ක් තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෑත ඉතිහාසයේ මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින් ඉහල ගොස් තිබුණා.

එවැනි සිදුවීම්වලින් මියගිය බවට විශ්වාස කෙරෙන පුද්ගලයන්ගේ මළ සිරුරු සහිත සමූහ මිනි වලක් ලෙස මෙය සැලකෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කාන්තාවන් දස දෙනෙකුගේ මෘත දේහ ඒ අතර වනවා.

යොවුන් වියේ මෙන්ම තරුණ අවධියෙ පසුවන්නන්ගේ මෘත දේහයන් ද මේ අතර තිබූ බවයි වාර්තා වන්නේ.

මේ වසර ආරම්භයේ සිට අගෝස්තු මාසය තෙක් කාලසීමාවේදි ද ගුවානා ජුවාවෝ ප්‍රාන්තයේ මනුෂ්‍ය ඝාතන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

එය පෙර වසරේ එම කාලපරිච්ඡේදය හා සැසදීමේදී සියයට විසි පහක වැඩිවිමක්.

මේ අතර මෙක්සිකෝ පොලිසිය සඳහන් කළේ තවත් මෙවැනිම සමූහ මිනි වලවල් පවතින බවට ඇති සැකය මත අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.