රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීමට පුරාණ චාරිත්‍රානුකූලව ජනපති නූල් පිළිගන්වයි

Friday, 30 October 2020 - 20:24

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A8%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A8%E0%B7%92%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%96%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෑතින් අද (30) සිදු කෙරුණා.

රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය ලබන 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්,අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

මැදිරිගිරිය, බිසෝපුර ගම්වැසියන විසින් මෙම නූල් භාවිත කරමින්, අත්යන්ත්‍ර යොදා ගනිමින් කඨින චීවරය සැකසීම හෙට (31) සිට ආරම්භ කරනු ලබනවා.

පුරා සතියක් වියනු ලබන තනි පොට සිවුර ලබන 07 වැනිදා මහා පෙරහරින් සෝමාවතී පුදබිමට වැඩම කෙරෙන අතර සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි රාජ්‍ය කඨින මහෝත්සවයේදී චීවරය සාංඝික කර පසුදින දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් පඬු පොවනු ලබනවා.

මේ වසරේ සිට රාජ්‍ය කඨින මහෝත්සවය වාර්ෂිකව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.