බෝධි පූජා පිංකමක් අතරතුර ඇතෙකු කඩාවැදී සිදුකළ පහරදීමකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)

Friday, 30 October 2020 - 22:52

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කරුවගස්වැව, රජවිගම විහාරස්ථානයේ අද (30) පස්වරුවේ පැවති බෝධි පූජා පිංකමක් අතරතුර ඇතෙකු කඩාවැදී සිදුකළ පහර දීමකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සිව් හැවිරිදි වියේ පසු වූ පිරිමි දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වප් පොහෝ දිනය වෙනුවෙන් විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බෝධි පූජා පිංකම සඳහා අදාල දරුවා සිය මව සමඟින් සහභාගී වී ඇති අතර පිංකම අතර තුර විහාරස්ථානයට ඇතෙකු කඩා වැදී ඇති බවයි කරුවලගස්වැව පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ කලබලයට පත්වූ පිරිස දිවගොස් ඇති අතර එහිදී  මවගෙන් මිදුනු දරුවාට බෝමළුව ආසලදී ඇතා පහර දී තිබෙනවා.

පසුව ගම්වාසින් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇතා පලවා හැර ඇති අතර ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories