බස්නාහිරින් සහ කුලියාපිටියෙන් බැහැරව ගිය, පුද්ගලයින් සති දෙකක් නිරෝධායනයට (වීඩියෝ)

Saturday, 31 October 2020 - 7:27

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පසුගිය 29 වන දා සහ 30 දින බස්නාහිර පළාතෙන් මෙන්ම කුලියාපිටියේ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ පහෙන් වෙනත් ප්‍රදේශවලට බැහැරව ගිය පුද්ගලයින් මේ මොහොතේ රැඳී සිටින ස්ථානවලම දින 14 ක් නිරෝධායනයට යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

අදාළ පුද්ගලයින් සොයා මේ වනවිටත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඊට සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන තොරතුරුද ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් පත්‍රයට අනුකූල නොවන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ, ගම්පහ, මීගමුව සහ පානදුර යන ප්‍රදේශවලින්.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ඔක්තෝම්බර් මස 4 වන දින සිට මේ දක්වා කාලසීමාවේ එය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ඊයේ දිනයෙන් වාර්තාවී තිබෙනවා.

එම සංඛ්‍යාව 221 ක් බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම, අදාළ කාලසීමාවේ පොලිස් භාරයට ගෙන ඇති වැඩිම වාහන සංඛ්‍යාවද වාර්තාවී ඇත්තේ ඊයේ දිනයෙන් වන අතර, එම සංඛ්‍යාව 40 ක්.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,480 දක්වා ඉහළ ගොස් ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 218 ක්.

මේ අතර, දිවයින පුරා පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළා.

දෙවන වාරයේ පාසල් නිවාඩුව අවසන් වී පාසල් යළි විවෘත කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 9 වන දායි.

කෙසේ වෙතත්, උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories