ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් ඊයේ දිනයේ - ඇමරිකාවෙන් රෝගීන් ලක්ෂයක්

Saturday, 31 October 2020 - 8:34

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා දෛනිකව මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ, පන්ලක්ෂ 73,616ක්. ඒ අනුව ලොව පුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටි 58 ලක්ෂ 98,590 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ එකොලොස් ලක්ෂ 93,744 ක් ලෙසයි.

ගත වූ පැය 24 තුළ වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

එරට ජනාධිපතිවරණයට තවත් දින කිහිපයක් ඉතිරිව තිබියදී ඊයේ එරටින් ආසාදිතයින් එක්ලක්ෂ 1461ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 93 ලක්ෂ 16,297ක් ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories