මුදල් ආරවුලක් දුරදිග යෑමෙන් අයියා මල්ලීව ඝාතනය කරයි (වීඩියෝ)

Saturday, 31 October 2020 - 12:09

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මුදල් ආරවුලක් මත ඇති වු බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අයියා විසින් මල්ලීව තියුණු ආයුධයකින් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (30) රාත්‍රි 8.40ට මෙම ඝාතනය සිදුව ඇති බවයි මහියංගණ පොලිසිය ප්‍රකාශ කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ද කැපුම් තුවාල ලබා මහියංගණ මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සොහොයුරා මහියංගණ පොලීසිය වෙත බාරවී ඇති බව සඳහන්.
 
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේත්‍රාත් පරික්ෂණය සිදු කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories