නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබදව වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරියට (වීඩියෝ)

Saturday, 31 October 2020 - 18:59

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබද පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

ඒ  ඊට අදාළ පර්යේෂණ වාර්තාව පිළිබද අද (31) සෞඛ්‍ය අමාත්‍යංශයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී සෞඛ්‍ය අමාත්‍යතවරිය ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නීලිකා මලවි ඇතුළු කණ්ඩායම සිදුකළ පර්යේෂණයෙන් ලංකාව තුළ පවතින්නේ කොවිඩ් 19 වෛරසයේ එක් ප්‍රභේදයක් පමණක් බව හෙළිවී ඇති බවයි.

මේ අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය යුරෝපයේ පැතිර යන වේගවත් ව්‍යාප්තියක් ඇති වෛරස් ප්‍රභේදය බවට හෙළි වූ බවයි මහාචාර්ය නිලීකා මලවිගේ එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඇය සඳහන් කළේ දැනට පැතිර යන වෛරසයේ ජාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව අනාවරණ වූ බවයි.