නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට

Saturday, 31 October 2020 - 19:21

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B7%80+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B6%A7
නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

පසුගිය අගෝස්තු මස 29 වනදා එහි සංචාරයක නිරතවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන්නේ පරිසරයට හානි නොවන අයුරින් දින 90ක් තුළ මෙම මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන ලෙසයි.

ඒ අනුව යුද හමුදා ඉංජිනේරු බලකාය, සැප්තැම්බර් 2 වනදා මෙම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, ගං වතුරෙන් විනාශ වූ වැල් පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමේ ඉදිකිරීම්ද මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories