පොලීසියේ 78 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි (වීඩියෝ)

Saturday, 31 October 2020 - 19:35

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+78+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරසය වැළදුණු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 78 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, බොරැල්ල පොලීසියේ නිලධාරීන් 7 දෙනෙකුට වෛරසය වැළදී ඇති බවට අද(31) තහවුරු වුණේ ඊයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදියි.

එහිදී එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 13 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට  ලක් කර ඇති අතර, ඉන් 7 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ වෙරළබඩ පොලීසියේ නිලධාරීන් පිරිසකට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

300කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති අතර, 1800 දෙනෙකු පොලිස් බැරක්කවල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.