මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුටත් කොරෝනා (වීඩියෝ)

Saturday, 31 October 2020 - 19:44

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29





මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය වැලදී ඇතැයි අද(31) පස්වරුවේ තහවුරු වුණා.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අද දිනයේත් නව ආසාදිතයන් දස දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මුළු ආසාදිත සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද හඳුනාගත් ආසාදිතයින් දස දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට සම්බන්ධ ආශ්‍රිතයන් බවයි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

වත්තල ප්‍රදේශයේ පසුගිය දින දෙක තුළ වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් 75 දෙනෙකු රෝහල් වෙත යොමු කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත්වීමෙන් සිදුකෙරුණා.

වත්තල ප්‍රදේශයේ තවත් පෞද්ගලික ඇගලුම් කර්මාන්තශාලාවක සේවකයින් 49 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා.

සේවකයන් දහසක් පමණ සේවය කරන අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් 120 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදීයි මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ.

කැස්බෑව කොට්ඨාශයෙන් ද හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා.

ඔවුන් සියළු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආසාදිතයන්ගේ දෙවන පෙළ ආශ්‍රිතයන් බවයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර සඳහන් කළේ.