9 දෙනෙකු ඝාතනය කිරීමට යැයි පවසා,ගිනි අවිය රැගෙන පලාගිය පොලිස් සැරයන්වරයෙකු සොයා පරීක්ෂණ

Saturday, 31 October 2020 - 20:03

9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B7%8F%2C%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
රත්නපුර - කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු ගිනි අවියක් සමඟ පළා ගොස් තිබෙනවා.

පෙරේදා දිනයේදී සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූ අවස්ථාවේදී මෙලෙස පොලිස් සැරයන්වරයා ගිනි අවියත් සමඟ පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.

එම පුද්ගලයින් 9 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත්, ගිනි අවියත් සමඟ පළා ගිය මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බවයි කුරුවිට පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.