කොවිඩ් අභියෝගයට මුහුණ දෙන හැටි (වීඩියෝ)

Saturday, 31 October 2020 - 20:27

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7++%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති පසුබිමක කොවිඩ් අභියෝගයට රට මුහුණ දිය යුත්තේ කෙසේද?

අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

මේ අතර අක්‍රිය වී තිබූ පී.සී.ආර්. යන්ත්‍රය මේ වන විට යථාතත්ත්වයට පත්කර ඇති බව වාර්තාවනවා.

චීන තානාපති කාර්යාලය අද පෙරවරුවේ නිවේදනය කළේ ඒ සදහා අදාළ සමාගමේ නියෝජිතයෙකු මෙරටට පැමිණි බවයි.

සුළු පරීක්ෂණ කිහිපයකින් පසු අදාළ යන්ත්‍රය සඳුදා සිට භාවිතයට ගත හැකි වනු ඇති බවට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.