''රෙම්ඩිසිවියර්'' භාවිතය භයානකයි - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

Friday, 20 November 2020 - 22:17

%27%27%E0%B6%BB%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%27%27+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B7%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇතැම් රටවල් භාවිතයට ගන්නා “රෙම්ඩිසිවියර්“ නමැති ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ ඖෂධය ක්‍රමානුකූල නොවන ලෙස භාවිතයෙන් අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් ප්‍ර දේශයෙන් ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් 19 වෛරසයට ලොව පුරා පුද්ගලයින් පන්කෝටි හැත්තෑ දෙලක්ෂයක් ගොදුරුවී තිබෙනවා.

කොවිඩ් මර්දනයට ලොවපුරා රටවල් එන්නත් 300කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අතර, රුසියාවේ ස්පුට්නික් 5, අමෙරිකාවේ මොඩර්නා සහ ෆයිසර් සමාගමේ එන්නත් සහ චීනයේ මෙන්ම බ්‍රිතාන්‍ය ඔක්ස්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත්ද මේවන විට සාර්ථක ප්‍රගතියක් පෙන්නුම් කරනවා.

මීට පෙර ලෝක වසංගතයක් බවට පත්වූ ඉබෝලා වෛරසය මර්දනය සඳහා භාවිතයට ගත් රෙම්ඩිසිවියර් නමැති ඖෂධය කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ප්‍රතිශක්තිය සහ ශ්වසන හැකියාව නංවාලන බවට වාර්තා පලවීමත් සමග ලොව පුරා රටවල් එම ඖෂධය කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන් සඳහා  භාවිතයට ගත්තා.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ දීර්ඝ අධ්‍යයනයකින් අනාවරණවී ඇත්තේ රෙම්ඩිසිවියර් භාවිතයෙන් කොවිඩ් ආසාදිතයෙකුගේ ප්‍රතිශක්තිය හෝ ශ්වසන හැකියාව වර්ධනය වන බවක් හෙළිවී නොමැති බවයි.

ඇතැම් අවස්ථාවලදී රෙම්ඩිසිවියර් අධි මාත්‍රාවන් මගින් දරුණු අතුරු ආබාධද ගෙනදිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
මේවන විට 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අමෙරිකාවේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලොව බොහෝ රටවල් මිලියන ගණනින් මාත්‍රා ඇණවුම් කර තිබෙනවා.

සෘණ 80ක උෂ්ණත්වයක්යක මෙම එන්නත් ගබඩා කළ යුතු බැවින් බොහෝ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සමාගම් පියවර ගෙන ඇත්තේ ඩ්‍රයි අයිස් භාවිතයෙන් මෙම එන්නත් ගෝලීයව ප්‍රවාහනය කිරීමටයි.

නමුත් සෘණ 78ක උෂ්ණත්වයක් උසුලන ඩ්‍රයි අයිස් දින 5කට වරක් නැවත ඇසුරුම් කිරීමට සිදුවීම නිසා ගෝලීය එන්නත් ප්‍රවාහනයට බාධා එල්ලවී තිබෙනවා.
මේවන විට ලොව භාවිත කරන බහුතරයක් ඖෂධ සහ ප්‍රතිජීවක එන්නත් ගබඩා කරන්නේ සෘණ 10ක උෂ්ණත්වයක් යටතේයි.

බිලියන 7.8ක ගෝලීය වැසියන් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කිරීමට සාමාන්‍ය රෝහල් සෞඛ්‍ය පද්ධති තුළ ස්ථාපිත ශීත ලබඩා ප්‍රමාණවත් වන්නේ නැහැ.

කෙසේ වෙතත් ඊට පිළියමක් ලෙස ජර්මනියේ බයින්ඩර් සමාගම සෘණ 90ක උෂ්ණත්වයක් පවත්වාගත හැකි නව ශීතකරණ නිෂ්පාදනය කර තිබෙනවා.