රන් භාණ්ඩ සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

Saturday, 21 November 2020 - 8:58

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


රන් භාණ්ඩ සොරකම් කළ තිදෙනෙකු වවුනියාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මවක්, දියණියක් සහ දියණියගේ පෙම්වතා බව සඳහන් පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් තිදෙනා හම්බන්තොට හා තලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.

වවුනියාව රන් භාණ්ඩ අලෙවිසැලකින් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනයකදී සැකකරුවන් අතඅඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් විවිධ ප්‍රදේශවල සොරකම්, මංකොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බවයි.

අදාළ මව 43 හැවිරිදි වියේ පසුවන අතර දියණියගේ වයස 18 ක් බවත් ඇයගේ පෙම්වතාගේ වයස 29 ක් බවත් අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් වවුනියාව දිස්ත්‍රික්කයෙන් පමණක් සොරාගත් භාන්ඩ රුපියල් ලක්ෂ 4 කට අධික බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් අද වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

රන් භාන්ඩ මිලදී ගන්න මුවාවෙන් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන මොවුන් භාන්ඩ සොරා ගන්නා අයුරු CCTV කැමරාවල සටහන්ව තිබූ අයුරු පහතින්.