බයිඩ්න් - කමලා හවුලට මාලාත් එක්වෙයි

Saturday, 21 November 2020 - 14:24

%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F+%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩ්න් සහ උප ජනාධිපති ධුරයට තේරී පත් වූ කමලා හැරිස් අතරට තවත් ඉන්දියානු සම්භවයක් සහිත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් එක්ව සිටිනවා.

ඒ ජෝ බයිඩ්න්ගේ බිරිඳ මෙන්ම, ඇමෙරිකාවේ මීළඟ ප්‍රථම පුරවැසි කාන්තාව වන ජිල් බයිඩ්න්ගේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂවරිය ලෙස මාලා අඩිගා පත් කිරීමත් සමඟයි.

ඉහළ සුදුසුකම් ලැබූ නීතිඥවරියක වන ඇය මීට පෙර බැරැක් ඔබාමා ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන සහ සංස්කෘතික සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කර තිබෙනවා.