කොරෝනා ආසාදිතයෙකු හමුවූවත්, මහබැංකුවේ කටයුතු අඛණ්ඩව

Saturday, 21 November 2020 - 15:30

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
සේවකයෙකු කොරෝනා වෛරසය ආසාදනයට ලක්වීමත් සමඟ ශ්‍රී ලංකා මහබැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වීමේ අරමුණින් හදිසි ක්‍රියාකාරි කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධියත් සමඟ මහබැංකු ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සියලුදෙනාම ඊයේ (20) සිට සති දෙකක කාලයක් නිවසේ සිට සිය සේවා සපයනු ඇති බවයි.

සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අතර, මහබැංකුවේ අත්‍යාවශ්‍ය සේවා සියල්ල බාධාවකින් තොරව අඛන්ඩව පවත්වාගෙන යන බවයි එමගින් මූල්‍ය වෙළඳපොල සහ මහජනතාව වෙත දන්වා සිටින්නේ.

කොරෝනා ආසාදිත අදාළ සේවකයා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවනවා.