අනිද්දා සිට 25 වනදා දක්වා පළාත් කිහිපයකට තද වැසි

Saturday, 21 November 2020 - 16:53

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+25+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් හේතුවෙන් අනිද්දා (23) දින සිට ලබන 25 වනදා දක්වා උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, අද (21) රාත්‍රියේ සිට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 ක් 70 ක් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.