අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි (වීඩියෝ)

Saturday, 21 November 2020 - 17:48

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ පැවැත් වුණා.

එයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52ක්.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වුණා.

ඒ අනුව, මෙවර අයවැයේ තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන සඳුදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනවා.

අද පැවති ඡන්ද විමසීමේදී ද, 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ අයවැය දෙවනවර කියවීමට පක්ෂව ඡන්දය භාවිත කළා.

2021 සඳහා වන අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.