කෝටි 110 හෙරොයින් තොගය මෙරටට ගෙන්වූ පුද්ගලයින් සොයා විමර්ශන

Saturday, 21 November 2020 - 18:57

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+110+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
මාතර - වැලිගම ප්‍රදේශයෙන් සොයා ගත් රුපියල් කෝටි 110 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගය මෙරටට ගෙන්වීමට සම්බන්ධ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන්වීම පිටුපස දැනට ඉතාලියේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රත්ගම විදුරගේ සම්බන්ධයක් පවතින බවටයි තොරතුරු අනාවරණ වන්නේ.

වැලිගම - දෙනිපිටිය, පොල්අතුමෝදර ප්‍රදේශයේදී ඊයේ (20) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 15 කින් යුත් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබුණා.