අපවත් වී වදාළ නාපානේ පේමසිරි මහා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට

Saturday, 21 November 2020 - 19:02

%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (22) සිදුකිරීමට නියමිතයි.

ඒ කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදීයි.

මේ අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මීළග මහනාහිමියන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එම නිකායේ කාරක සංඝ සභාව හෙට පෙරවරු 8.30ට රැස්වනවා.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් රටට ජාතියට ඉමහත් සේවාවක් ඉටු කළ ආගමික නායකයෙකු බවයි මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ප්‍රකාශ කළේ.

උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අද එක්වුණා.              

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (21) පෙරවරුවේ අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මහා නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පැමිණි බවයි අප වාර්තාකරු කියා සිටියේ.