පාසල් සඳහා ළමුන් එවීමට අනියත බියක් ඇතිකරගතයුතු නෑ - අධ්‍යාපන ලේකම්

Sunday, 22 November 2020 - 7:00

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%AD+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
පාසල් ආරම්භ කිරීමේදී සිදුවන්නේ, 23 වනදා එක්වරම පාසල් විවෘත වීමක් නොව කලක් තිස්සේ මනා අවබෝදයකින් යුක්තව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශ නිර්ණායක මත සිදුවන්නක් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ හිරු TV පත්තරේ විස්තරේ වෙත එක්වෙමින්.

ඒ අනුව බොහෝ කාලයක් තිස්සේ ඒ සඳහා කටයුතු සූදානම් කෙරුණු බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාසල් සඳහා සිසුන් එවීම සඳහා දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන් සඳහා හෙට සිට පාසල් ආරම්භ වනු ඇති.