බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත හුදකලා කිරීම් හෙටින් අවසන්

Sunday, 22 November 2020 - 7:28

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%2C+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%80%E0%B7%93%E0%B6%AE%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B7%85+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%AD+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත පොලිස් බල ප්‍රදේශවල හුදකලා කිරීම් හෙට අලුයම පහට අවසන් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඞ්පාස්, වරාය ප්‍රදේශය, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල හුදකලාකිරීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම බොරැල්ල, පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසමද තවදුරටත් හුදකලා කර ඇති බවයි යුදහමුදාපතිවරයා කියා සිටියේ.

ඊට අමතරව මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගමද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා.

එමෙන්ම බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම බටහිර, බමුණුමුල්ල - මුස්ලිම් සහ ගලගහමණ්ඩිය යන ග්‍රාමනිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.