ඇහැලියගොඩදී ඇල්ලූ අයි.ඩී.එච්. රෝහලෙන් පැනගිය කොරෝනා කත ගල්ලෑල්ලට (වීඩියෝ)

Sunday, 22 November 2020 - 8:31

%E0%B6%87%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AD+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පසුගිය 19 වනදා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා සමඟ පලාගිය කාන්තාව දින 3 කට පසු ඇහැලියගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක සැඟව සිටියදී ඊයේ රාත්‍රියේ සොයාගනු ලැබුවා.

පොලීසිය සඳහන් කළේ ඉදුරන්ගල ප්‍රදේශයේ ලදු කැලෑවක මෙම කාන්තාව සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.

ඇය මේ වනවිට පොළොන්නරුව - ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

කොරෝනා ආසාදිත මෙම කත, සිය අවුරුදු දෙකක් වයසැති දරුවා සමඟ අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් තිබුණේ පසුගිය 19 වනදා රාත්‍රියේයි.

ඊට පසුදින ඇයගේ දරුවා ඥාති නිවසක සිටියදී සොයාගනු ලැබුවා.

25 හැවිරිදි අදාළ කාන්තාව අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක්ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.