යාපනයේ දියවලක ගිලී ළමයින් දෙදෙනෙකු මරුට

Sunday, 22 November 2020 - 8:52

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යාපනය - මණ්ඩතිව් ප්‍රදේශයේ දියවලක නෑමට ගිය එකම පවුලේ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ කුඹුරු වෙත ජලය එකතු කිරීමට සකස් කළ වලක දියනෑමට යාමේදී ඔවුන් මෙලෙස ඊයේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජීවිතක්ෂයට පත්වූ දරුවන් දෙදෙනා අවුරුදු  5 සහ 7 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන්ගේ මෘත ශරීර මේ වනවිට යාපනය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.