පොහොර වංචා සම්බන්ධයෙන් තවත් පිරිසකට වැඩ වරදින ලකුණු

Sunday, 22 November 2020 - 8:53

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
ලංකා පොහොර සමාගමේ සිදුවූ රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවයට අදාළව තවත් නිලධාරින් 7 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීම හෙට වනවිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව 2017 - 2019 කාලය තුළ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොෂාන් නන්දසේන පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.