අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (වීඩියෝ)

Sunday, 22 November 2020 - 8:54

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට ආරම්භ කෙරෙනවා.

එය, දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ටයි.

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක්  පමණයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ පක්ෂව ඡන්දය ලබාදීමද විශේෂත්වයක්.

මේ අතර 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවන අවස්ථාවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සභාවට රැගෙන නොඒම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කළා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් විමසා සිටි අතර, එහිදී කතානායකවරයා කියා සිටියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සභාවට පැමිණිය නොහැකි බවට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා දැනුම්දුන් බවයි.