පොලිස්පති ගැන තීරණයක් ගන්න පාර්ලිමේන්තු සභාව හෙට රැස්වේ

Sunday, 22 November 2020 - 8:57

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
පාර්ලිමේන්තු සභාව ලබන සඳුදා පස්වරු 4 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

පොලිස්පති තනතුරු සඳහා සිදුකර ඇති පත් කිරීම් පරීක්ෂාවට ලක් කිරීම හා අභියාචනාධිකරණයේ ඇති වී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිර්දේශ කර ඇති නම් සඳහා අනුමැතිය ලබාදීම එහිදී සිදුවනු ඇති.

වසරකුත් මාස 7 ක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර තිබුණා.

1986 සිට වසර 33 ක කාලයක් පොලීසියේ සේවය කළ සී.ඩී. වික්‍රමරත්න වසර 9 ක කාලයක් ජාතික බුද්ධි අංශයේ සේවය කර තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් 26 වනදා සිට ඔහු මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙසයි කටයුතු කරන්නේ.

මේ අතර, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මුදල් කාරක සභාවෙන් ඉවත් වී තිබෙනවා.