කොරෝනා නිසා කැලිෆෝනියා ප්‍රාන්තයට ඇඳිරි නීතිය

Sunday, 22 November 2020 - 9:00

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%86%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග එංගලන්තය තුල පැනවූ වසාදැමීම් ලබන මස දෙවෙනිදා සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ගතවූ සතියක කාලය තුල එංගලන්තය පුරා කොරෝනා රෝගීන් වාර්තාවීම මේ වන විට සියයට 13.8 කින් පහළ යාමත් සමගයි.

මේ අතර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය තුල ඇදිරි නීතිය පනවා තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි එම ඇදිරිනීතිය පැනවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.  

ගතවු පැය 24 තුල තවදුරටත් වැඩිම ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙන් නව ආසාදිතයන් 159,933 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 1,421 ක් වාර්තාවී තිබෙනවා.

කොරෝනා වෛරසය සඳහා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති මොඩර්නා එන්නතේ මාත්‍රාවක් සඳහා ඇමරිකානු ඩොලර් 25 ත් 37 ත් අතර මිලක් නියම කර තිබෙනවා.

අදාළ එන්නත නිෂ්පාදනය කරන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් බැන්සල් ඒ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එන්නත සඳහා ඇමරිකානු ඩොලර් 10 ත් 50 ත් අතර මුදලක් වැය වන බව පෙන්වා දෙන ඔහු, වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හෙට දිනයේ අදාළ එන්නත් අඩු මිලට සැපයීම සඳහා යුරෝපා කොමිසම සමඟ ගිවිසුමකට එළඹෙන බවයි.