පාසල් ආරම්භයට සියල්ල සූදානම් - ගුරු සංගම් ගැටළුවක (වීඩියෝ)

Sunday, 22 November 2020 - 13:08

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බස්නාහිර පළාත සහ හුදකලා කෙරුණු පොලිස් බල ප්‍රදේශවල පිහිටා ඇති පාසල් හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් හෙට ආරම්භ කිරීමට නියමිත තුන්වන පාසල් වාරය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි ගුරු වෘත්තිය සංගම් චෝදනා කරන්නේ.

නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ හය ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තුන්වන පාසල් වාරය ආරම්භ කරන බවයි පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ එම කටයුතු සිදුකළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ 11 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් ආරම්භ කරන ලෙසට තමන් යෝජනා කරන බවයි.