ඉදිරි පැය 48 තුළ මුහුදේ රළු ස්වභාවයක්

Sunday, 22 November 2020 - 13:20

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වීමට හැකියාව ඇති බැවින් ඉදිරි පැය 48 තුළ ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කොළඹ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීට 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.