ප්‍රාන්ත ඡන්ද ගණනය කිරීමක් ගැන ට්‍රම්ප් ගොනු කර තිබූ පෙත්සමක් ඉවතට

Monday, 23 November 2020 - 9:26

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ඇමරිකානු ජනාධිපතිවරණයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්දය ගණනය කිරිම අත්හිටුවන ලෙස ඉල්ලා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොනුකර තිබු පෙත්සම ප්‍රාන්ත අධිකරණය නිෂ්ප්‍රභා කර තිබෙනවා.

ප්‍රාන්ත අධිකරණය කියා සිටියේ ඡන්දය ගණන් කිරීම අත්හිටුවීමට තරම් සාක්ෂි ට්‍රම්ප් පාර්ශවයෙන් ඉදිරිපත් කර නොමැති බවයි.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මෙතෙක් ප්‍රතිඵල ප්‍රකාශ කර නැහැ.

කෙසේ වෙතත්, ට්‍රම්ප් තවදුරටත් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පරාජය නොපිළිගන්නා බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන්  ට්‍රම්ප් පාර්ශවය යළිත් වරක් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.