උපතින්ම ලද ආබාධය මැඩගෙන ශිෂ්‍යත්වය ජයගත් දෙනුවන් ගේ කතාව (වීඩියෝ)

Monday, 23 November 2020 - 14:19

%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BD%E0%B6%AF+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


උපතින්ම ආබාධිත තත්ත්වයෙන් පසු වුවත් එය තම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර නොගත් පුංචි හපනෙක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා.

ෂලිදු දෙනුවන් කොතලාවල නම් මෙම දිරිය දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන්ද සමත් වී තිබෙනවා.

මේ බේරුවල, පබේයාල ප්‍රදේශයේ පදිංචි ඩී. ෂලිදු දෙනුවන් කොතලාවල සහ ඔහුගේ මව නිලන්ති ඩයස්.

කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ ඉගෙනුම ලබන ෂලිදු උපතින්ම ආබාධිත තත්ත්වයේ පසු වූවත් සිය අධ්‍යාපන කටයුතුවලට ඔහු එය බාධාවක් කරගෙන නැහැ.

අභියෝග රැසක් මධ්‍යයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් ෂලිදු දෙනුවන් ඉන් සමත්වන්නේ ලකුණු 169ක් ලබාගනිමින්.

ෂලිදුගේ පියා කුඩාකලදීම ඔවුන්ව හැරගොස් ඇති අතර මෙම පවුලේ එකම ජීවිකාව වන්නේ ඔහුගේ මව නියැලෙන ත්‍රිරෝද රථ රැකියාවයි.

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම මව සහ පුත්‍රයා ජීවත්වන නිවසද හරි ආකාරව ඉදිකරගැනීමට හැකි වී නැහැ.

අභියෝග රැසක් මධ්‍යයේ අධ්‍යාපනය හදාරා තම රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට සැරසෙන ෂලිදු දෙනුවන් සමස්ත සමාජයටම ආදර්ශයක්.