කොරෝනා ආසාදනය වූ මහර බන්ධනාගාරයේ රැඳවියෙකු මියයයි

Monday, 23 November 2020 - 14:28

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මහර බන්ධනාගාරයේ සිට රාගම රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය 82 හැවිරිදි රැදවියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ 2006 වසරේදී මනුෂ්‍ය ඝාතනයකට අදාළව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මොහු තවත් රැඳවියන් 112 දෙනෙකු සමඟ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට පසුගිය 11 වනදා මහර බන්ධනාගාරයට මාරුකර එවා තිබුණා.

එහි සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී රැඳවියන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළිවූ අතර, ඔවුන් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස වාට්ටු දෙකක නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගැනුනේ.

මෙලෙස මියගොස් ඇත්තේ එහි රඳවා සිටි රැඳවියෙකු වන අතර, බන්ධනාගාරය තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මොහුට කොරෝනා වැළඳී නොමැති බවට හෙළිවී තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල් ගතකර මියයාමෙන් පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වැළඳී තිබූ බවට තහවුරු වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.