ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියෙකුටත් කොරෝනා

Monday, 23 November 2020 - 17:50

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ඇල්පිටිය - නවදගල ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන අයෙකු වන අතර, නිවසට පැමිණි අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.

එම නිලධාරියා තම යතුරුපැදියෙන් බන්ධනාගාරයේ සිට නිවසට පැමිණ ඇති අතර, ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලකට ද ඔහු ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories