පොලිස්පති ධුරයට සී.ඩී.වික්‍රමරත්න පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය (වීඩියෝ)

Monday, 23 November 2020 - 18:20

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%93.%E0%B6%A9%E0%B7%93.%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නව පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පත් කිරීමට පාර්ලිමේන්තු සභාව අද (23) නිර්දේශ කළා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම සභාව රැස්වූ අවස්ථාවේදියි.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කතානායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනාධිකරණ විනිසුරුවන් 14 දෙනෙකුගේ නම්ද පාර්ලිමේන්තු සභාව නිර්දේශ කළ බවයි.

මහාධිකරණ විනිසුරුවරුන් වන මේනක විජේසුන්දර, ඩී.එන්. සමරකෝන්, එම්. ප්‍රශාන්ත ද සිල්වා, එම්.ටී.එම්. ලෆාර්, සී. ප්‍රදීප් කීර්තිසිංහ, සම්පත් බී. අබේකෝන්, එම්.එස්.කේ.බී. විජේරත්න, ආර්. ගුරුසිංහ, ජී.ඒ.ඩී. ගනේපොල මෙන්ම කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති ජනාධිපතිවරයා විසින් මෙලෙස අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස නම් කළ පිරිසට අයත්.

එමෙන්ම ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල, සම්පත් මෙන්ඩිස් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ  මායාදුන්න කුරේ සහ ප්‍රභාහරන් කුමාරරත්නම් ද අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වූ අද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතන 25ක වැය ශිර්ෂ සංශෝධන රහිතව සම්මත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories