විශේෂඥ වෛද්‍යවරුන් 89කගේ පුරප්පාඩු

Tuesday, 24 November 2020 - 7:43

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+89%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94
කොරෝනා වසංගතය පවතින මෙම කාල වකවානුව තුළදී රෝහල්වල තනතුරු පුරප්පාඩුව පැවතීම, සත්කාරක සේවාවේ ධාරිතාවට ඍජුවම බලපාන බැවින් ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමට රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව පසුගිය කාලය තුළ බිඳ වැටී පැවති බැවින් විශේෂඥ වෛද්‍ය සේවා තනතුරු 89 ක්ම පුරප්පාඩුව පවතින බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම්, මාරුවීම් ලබන හා මාරුවීම් නොලබන ලෙස ප්‍රධාන වර්ග දෙකක් වන අතර, බොහෝ තනතුරු මාරුවීම් නොලබන වර්ගයේ තනතුරු බැවින් ජ්‍යෙෂ්ඨත්වය අනුව වෛද්‍යවරුන් එම තනතුරුවලට පත්වන අයුරෙනුයි මෙම ක්‍රමවේද සකස් කර ඇත්තේ.

කෙසේ වෙතත් ශික්ෂණ රෝහල්වලට අනෙකුත් රෝහල්වල සිට රෝගීන් යොමුකරන බැවින් එවැනි රෝහලක තනතුරු පුරප්පාඩුව පැවතීම රෝගී සේවාව අඩාලවීමට ඍජුව බලපාන කරුණක් වන අතර ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories