අභියාචනා කළ උපාධිධාරින් රැකියාලාභීන්ගේ ලැයිස්තුව අන්තර්ජාලයේ

Tuesday, 24 November 2020 - 7:53

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ  අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන්ගේ නාමලේඛනය අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිව තිබීම හේතුවෙන් පත්වීම් අහිමිව අභියාචනා ඉදිරිපත් කළ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය මෙලෙස ප්‍රකාශයට පත් කළ බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වුණා.

ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන කටයුතු පිළිබඳ  උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදීද අදාළ පත්වීම් හිමිවන නාම ලේඛනය අන්තර්ජාලයට නිකුත් කරන බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන් 3902 කු සඳහා පත්වීම් ලබාදී තිබෙනවා. අභියාචනා ඉදිරිපත් කළ වැඩිම පත්වීම් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර, එම සංඛ්‍යාව 481 ක්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන් 440 දෙනෙකුටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ 367 ක්, කලුතර දිස්ත්‍රික්කයේ 307 දෙනෙකුට, කෑගල්ල දිස්ත්‍රික්කයේ 241 කට, රත්නපුර 222 කුට සහ මාතර 212 දෙනෙකුට රැකියා හිමිව තිබෙනවා. හම්බන්තොටින් අභියාචනා කළ 126 දෙනෙකුත් රැකියා ලාභීන් ලෙස තෝරාගෙන ඇති බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වන සියලු විමසීම් [email protected]  යන විද්‍යුත් තැපෑල වෙත ජීටී රී කන්සිඩරේෂන්ස් ඔෆ් ඇපීල් 2020 යනුවෙන් සටහන් කර යොමුකරන ලෙසයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories