ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 24 November 2020 - 8:30

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත රුපියල් 68 ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් නෝට්ටු 372 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩොලර් නෝට්ටු මිලදී ගැනීම මුවාවෙන් කන්තලේ වැව බැම්ම උඩ දී මෙම පුද්ගලයන් දෙදෙනා 23 පස්වරුවේ කොටුකරගැනීමට කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට හැකිව තිබෙනවා.

ව්‍යාජව මුද්‍රණය කරන ලද අමෙරිකානු ඩොලර් 100 වටිනාකමකින් යුත් නෝට්ටු 372 මොවුන් සතුව තිබී ඇති අතර මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා එක් අයෙකු දමිල ජාතිකයෙකු ලෙස පසුව මුස්ලිම් ජාතිකයකු ලෙස පෙනී සිටිමින් ඇති හිටපු එල්.ටි.ටි.ඊ  බුද්ධි අංශයේ නිලධාරියකු බව පොලිසිය  පවසනවා.

කාලයක් තිස්සේ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථානයක මෙම ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ කටයුතුවල නිරත වන බව මෙම පුද්ගලයන් ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා  අද (24) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories