මහාරාෂ්ඨ ප්‍රාන්තයට ඇතුලුවීමේදී ප්‍රාන්ත හතරක ජනතාවට පී.සී.ආර්. වාර්තා අනිවාර්ය කරයි

Tuesday, 24 November 2020 - 9:07

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නවදිල්ලි, ගුජරාට, රාජස්ථාන් සහ ගෝව ප්‍රාන්තවලින් මහාරාෂ්ඨ ප්‍රාන්තයට පැමිණීමේදී කොරෝනා වෛරසයෙන් තොර බවට සහතික කෙරෙන පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

වෛරසයේ දරුණු බලපෑමකට මහාරාෂ්ඨ ප්‍රාන්තය ලක්වුවද මේ වනවිට ක්‍රමයෙන් එම ප්‍රාන්තයෙන් රෝගීන් වාර්තාවීම අඩුවි ඇති අතර, යළි වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනිවාර්ය කිරීමටයි ප්‍රාන්ත බලධාරින් පියවර ගෙන ඇත්තේ. ගුවන් ගමන් මගීන් පැමිණීමේදී පැය 72 ක් ඇතුළතත් දුම්රියෙන් පැමිණීමේදී පැය 96 ක් ඇතුළත් ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා එලෙස ඉදිරිපත් කළ යුතු වනවා. ඇමරිකාවට පසු ලොව වැඩිම ආසාදිතයන් වාර්තාවන ඉන්දියාවෙන්

ගතවූ පැය විසි හතර තුළ නව ආසාදිතයන් 37,410 ක් වාර්තාවී ඇති අතර, නව මරණ සංඛ්‍යාව 481 ක් සිදුව තිබෙනවා. පශ්චාත් කොවිඞ් සංකූලතා හේතුවෙන් රෝහල් ගතව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇසෑම් ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍ය තරූන් ගෝගෝයි අභාවප්‍රාප්ත වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories