වසර 5කට පසු පිල්ලෙයාන්ට ඇප

Tuesday, 24 November 2020 - 14:37

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර 5කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අද ඇප මත මුදා හැරුණා.

මඩකලපුව සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ඩී. සුසේදාසන් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ.

2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ප්‍රදේශයේ නත්තල් දේව මෙහෙයට එක්වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories