බම්බලපිටියේ සිට හැටන් ප්‍රදේශයට ගිය අයෙකුටත් කොරෝනා

Tuesday, 24 November 2020 - 19:33

%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
බම්බලපිටිය ප්‍රදේශයේ සිට හැටන් - ඇබොස්ලි වතුයායේ තම නිවසට පැමිණි 44 හැවිරිදි දෙදරු පියෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

පසුගිය 22 වන දා ඔහු කොළඹ සිට හැටන් ප්‍රදේශයේ තම නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන - කළුගල පොලිස් මුරපොළ අසළ දී සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයෙනුයි ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

එදිනම කොළඹ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරමින් සිට ලංගම බස් රථයකින් නාවලපිටිය ප්‍රදේශයට පැමිණි තරුණියකටද ගිනිගත්හේන ප්‍රදේශයේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

දීපවාලි උත්සවයට පෙර සහ උත්සවයෙන් පසු බස්නාහිර පළාතෙන් වතුකරයට පැමිණි පුද්ගලයින් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදු කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories